අධීකරණයට යන මහින්ද සහ නීතිය

පුවතක් වාර්තා උනේ මහින්දගේ ආරක්ෂාව උදෙසා ඔහු අධිකරණයට යන බවය. මේ ඒ ගැන මාධවගේ අදහස ය.

අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය කෙලෙසීම පිලිබඳව ඔවුන්ගේ පොහොට්ටු පාලන කාලය තුල ඇත්තේ යහපත් වාර්තාවක් නොවේ. ඔවුන් එයට කෙල පැමිණි අපරාධකාරයෝ ය. පොහොට්ටු බහුතරයක් අංක එකේ ත්‍රාඩයෝය. නීතිය කියන්නේ උන්ගේ පොහොට්ටු මහ උන් කියලා උන් හිතන්නේය. බොහෝ පොහොට්ටු පාක්ෂිකයෝ පවා ඒමය. හැබැයි බලය ගිලිහුනු උන් දැන් ඉන්නේ බුදු වෙන්න වගේය. කෙසේ වුවද  අවසානයේ දෛවයේ සරදමට මෙන් එවන් අපරාධකරුවන් රැසක් නඩත්තු කල මහින්ද රාජපක්ෂට නීතියේ පිහිට පැතීමට අවශ්‍යතාව ඇති වී ඇත.

අතීතයේ සිටම අධිකරණය සහ නීතිය තුට්ටුවකට මායිම් නොකල මහින්දලා හැසිරුනේ සියල්ලම ඔවුන්ගේ වාගේය. ඒකටම ගැලපෙන ඇම්බැට්ටයෝ ටිකක් ඔවුන්ට හිටියෝය. උන් සේරමලා නීතියෙන් රිංගා කටයුතු කලේ මේ මහරජාගේ ආනුභාවයෙන් බව අමතක නොකල යුතුය.

පොහොට්ටු පාලනයට නතු නොවූ අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායක මැතිනිය නෙරපූ අයුරු අපූරුවට ඇයගේම වචන වලින්ම ඇය විසින්ම රචනා කල “උත්තරීතර” නම් වූ පොතේ විස්තර කර ඇත. ඒ පොතට අනුව පාර්ලිමේන්තුවේ කොමිටියට පත් කර මන්ත්‍රී ඇමතිවරුන්ගේ අධම ගතිය අපූරුවට විස්තර කර ඇත. බල ලෝභය නිසා මහ උත්තමයාගේ වචනය එම මන්ත්‍රීවරුන්ගෙන් පිළිඹිබු වී ඇති බව මාධවගේ අදහසයි. සාමාන්‍යයෙන් බල්ලාගේ ස්වරූපයෙන් අයිතිකරුවාගේ සැබෑ ස්වරූපය පෙන්වන බැවින් අයිතිකරුවා කවුද බල්ලෝ කවුද කියා එම පොතට අනුව අපූරුවට පෙනෙන්නේය.

 

උත්තරීතර

කීර්තිමත් විදේශීය නීති ආයතන පවා අගවිනිසුරුවරිය වෙනුවෙන් අදහස් පල කරද්දී පවා, ලාංකික විද්වතුන් පවා ඇය වෙනුවෙන් පෙනී සිටිද්දී පවා, නීතිය තුට්ටුවකට මායිම් නොකර ඇයව බලහත්කාරයෙන් දොට්ට දමා පෙන්වූයේ විධායක බලයේ සැර බව ය. විධායකය හොබවන මහින්දගේ බල පරාක්‍රම ය. ඒ අනුව මහින්දට නීතිය හෝ නීතියේ ආධිපත්‍යය කිසිසේත්ම වැදගත් නොවූ බව ද, තමා හැමදාම බලය හොබවන බවද දැඩි විශ්වාසයකින් සිටි බව පෙනී යන්නේය.

කෙසේ වෙතත් අවසානයේ ජාතික ජනබල වේගය ආණ්ඩුව ආපසු හිටපු ජනපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල අමුතු අමුතු දෑ කප්පාදු කරගෙන යන්නේය. ඒ කප්පාදුවට ඉස්සෙල්ලාම රිදුනේ බත් නොව තණකොල කන බැලයොන්ට ය. මහින්ද වෙනුවෙන් හඩ අවදි කරනුයේ කවුද? කිසිම වැදගත් යැයි කිව හැකි මිනිසෙක් හඩ අවදි කරනවා පෙනේද? නිකම් කසඩ කයිරාටික ගැහැණු ටිකක් නම් මාධ්‍ය සාකච්ඡාවක  හූ තියා අඩනු මාධව දැක්කේය.‍

මේ කලබගෑනි සියල්ල අවසානයේ මහින්ද උසාවියට ගොස් ඇත.

එය සුභවාදී දෙයකි. අධිකරණය හෑල්ලු කර, නීතිය මායිම් නොකර බල්ලන්ට ඉබාගාතේ තක්කඩිකම් කිරීමට ඉඩ හැර සිටි ඒකාධිපතියෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙක් අද තමන්ට ආරක්ෂාව ඉල්ලා අධිකරණයේ පිහිට පැතීම ඉතා හොඳ ප්‍රවණතාවයකි.

වැඩිම කාලයක් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදු වුනු, අදටත් උත්තර නැති ලසන්ත සහ එක්නැලිගොඩ ඝාතනය ඇතුළු ඝාතන සිදු වූ කාලයක පාලනය සිදු කල පුද්ගලයෙක් අද තමන්ට ආරක්ෂාව ඉල්ලා අධිකරණයේ පිහිට පැතීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. 

 

Remembering Lasantha: Discussion on ...
ලසන්ත වික්‍රමතුංග මරණය

 

ලොකුම කුඩු මීගමුවෙන් ඇල්ලූ විට තමන්ම ගොස් අපරාධකරුවාව බේරාගත් පුද්ගලයා අද තමන්ට ආරක්ෂාව ඉල්ලා අධිකරණයේ පිහිට පැතීම ඉතා හොඳ ප්‍රවණතාවයකි.

ජීවත් වීමේ අයිතිය ඉල්ලා පාරට බැස්ස මිනිසුන්ට ගිනි බිඳීමට සහ පහර දීමට මිනිස්සුන්ව අවුස්සා ගෝල්ෆේස් යැවූ මිනිසෙක් අද තමන්ට ආරක්ෂාව ඉල්ලා අධිකරණයේ පිහිට පැතීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. 

Repression of Dissent in May 2022 – INFORM
පොහොට්ටු පාක්ෂිකයින් විසින් අවිහිංසාවේ අරගලයට පහර දීම

හැබැයි ඔවුන් යලි බලයට පැමිණියහොත් මේ යටහත් පහත් බව කෙසේ වෙතත් නීතියට, අධිකරණයට පමණක් නොව මේ රටටම ආපසු කෙලවා දමන තිරිසන්නු බව මාධවට කිව හැක්කේ අතීත සිදුවීම් තවමත් මතක බැවිනි. එබැවින් මහජනතාව ප්‍රවේශම් විය යුතුය. උන්ගේ මජර වැඩ ගැන මතක් කර දීම හැම විටම සිදු කල යුත්තේ උන්ගේ සුදු රෙදි වලින් වැසී ඇති අපරාධ වල රුහිරු ලකුණු වැසී යා හැකි බැවිනි.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form